Saturday, November 10, 2018

2 කොටස

අවුරුද්ද ක් කියන්නෙ හරිම පුදුම දෙයක්.  අසේල සර්ගෙ උපන්දිනේට අපි සප්‍රයිස් පාර්ටි එක දුන්නෙ අද ඊයෙ වගේ. ඉස්කොලෙ ගිහින් ඉවර වුනාට පස්සෙ යාලුවො ආයෙ එකතු කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඒත් එ අමාරු දේ අපි අසේල සර් වෙනුවෙන් කලා. මමයි පුබුදුයි ප්ලැන් කලාට මහන්සි උනේ පුබුදු. දෙයක් පටන් ගන්නවා වගේ නෙමෙයි ඒ දේ හරියට කරන්න ඕනා කියලා මං ඉගෙන ගත්තේ එයාගෙන්.

"අමාදී"
ජීවිතේ මං ආසම කටහඩකින් මගේ නම මට ඇහුනා
ඒ පුබුදුගෙ කටහඩ

ජීවිතේට උදේන්ම ඇහැරෙන්නේ නැති මම අද වෙනදාටත් වැඩිය වේලාසනින් ඇහැරුනේ අසේල සර් ව බලන්න යන්න. ඊයේ හවස අපේ ඉස්කොලේ ලඟ බුක් ශොප් එකෙන් සර් ආසම බොරිස් පොලෙවොයි කියන රුසියානු රචකයාගේ "සැබෑ මිනිසෙකුගේ කතාව" පොතත් අරගෙ න කසුන් අයියාගෙ ෆ්ලවර් ශොප් එකෙන් ක්‍රිශාන්තමම් මල් පොකුරකුත් හදන්න ඕඩර් එකකුත් දීලා ආවේ. මොකද මං දන්නවා පුබුදුට මෙලෝ සිහියක් නැහැ කියලා.  අවුරුද්දට කී පාරක් යාලුවෝ එකතු කරගන්න උත්සහ කලත් එක මොකක් හරි දෙයක් නිසා මගහැරෙනවා. එත් අසේල සර්ගේ උපන්දිනය කියන්නේ අපිට විශේෂම දවසක්. ඒ දවස කොහොම හරි කැප කරමු කියලා අපි කතා වුනේ අපේ අන්තිම ක්ලාස් දවසේ පාර්ටි එකේදි.

"නැන්දේ මට තේ එකක් හදන්නකෝ නැත්තන් අමාගේ තේ එක හරි කමක් නෑ"
මේ මනුස්සයා මගේ තේ එකටත් වැඩේ දෙන්න හදන්නෙ. හිතාගෙන ඇති, හොඳ වෙලාවට මං අම්මාට කිව්වේ තේ එකක් හදන්න කියලා.

"අනේ මේ පුබුදු ඔයා මගෙ තේ එක බොන්න හදන්නේ අම්මා ඔයාට තේ හදනවා. ඒක බොන්න. "

ඒක අහලා මූණ පුම්බගෙන ගෙදරින් එලියට බැස්ස පුබුදු  එයාගේ බයික් එකට නැග්ගා, කවදාවත් තරහ වෙලා නැති අපි එදා නම් තරහ වුනා කියලා මම හිතුවෙ, ඒ වෙලාවටම අම්මා තේ එකත් අරගෙන මිදුලට ආවා.  අම්මා පුබුදුට තේ එක දුන්නේ මටත් ටොක්කක් ඇනගෙන. ඒ වෙලාවෙ මගේ ඇස් වලින් කදුලු වැටුනේ පුබුදු යන්න ගිය නිසා. එත් තේ එක බීලා මට තේ කෝප්පේ දික් කලේ මගෙ මුණවත් නොබලාම. මටත්  පුබුදුගේ මූණ බලන්න බැරි කමක් තිබුනා. මම අම්මාට කෝප්පේ දීලා ආවේ අම්මගෙනුත් මූණ හංගගෙන, ඒත් ඒ වෙද්දි අම්මා මගේ ඇස් වලින් වැටෙන කදුලු දැකලා තිබුනේ.

"පොඩි, මොකද මේ ඇස් වල කඳු​ලු,පොඩි ටොක්කකට ඔහොම අඬනවාද ලමයෝ. යන්න ගිහින් මූණ පිහිදගෙන යන්න ලැහැස්ති වෙලා ඉන්න ගමන ගිහින් එන්න.අර ලමයා බලන් ඉන්නවා නේ."

"මට යන්න බැ අම්මා. පුබුදුට ඕනේ නම් යන්න කියන්න.මගේ ඔලුවත් රිදෙනවා." එහෙම කියලා මම කාමරෙට යන්න හදනකොටම පුබුදු කතා කලා.

"මේ එනවා යන්න, අර ලමයි බලන් ඉන්නවා. බැරි නම් නටාගන්නවා, මං යනවා " පුබුදු බයික් එක ස්ටාර්ට් කලා.

මං අම්මගේ ගවුමෙන්ම මූණ පිහදගෙන ඉක්මනට ගියෙ ඇත්තටම පුබුදු යයි කියලා බයටමයි. පුබුදුගේ කිසි කතාවක් නෑ. මට හෙල්මට් එක දික් කලා. මමත් කිසිම කතාවක් නැතුව බයික් එකට නැග්ගා.
"නැන්දේ අපි යනවා. ඉක්මනට එන්නම්"


Thursday, October 1, 2015

1කොටස

ජීවිතේ අපස්සට් යන්න තියෙනවා නම් කොච්චර හොදද කියලහිතෙන ගොඩක් වෙලාවල් දවස් අපි අපේ ජිවිත වල කොච්චර ගෙවිල ඇත්ද. ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. වෙලාවකට දරන්න බැරි තරම් සතුටක් තවත් වෙලාවකට දරන්න බැරි දුකක්  වගේම තවත් වෙලාවකට මෙහෙමයි කියන්න බැරි හැගීම් එක්ක ගැට ගැහුනා නුල් වල ගැට ගැහුණ රුකඩ වගේ තමයි මිනිස්සු,කවුරුහරි පාලනය කරන ඒ විදිහට තමන්ගේ ජීවිතය නටවන්න දීල ඉන්න පුරුදු වෙලා.

හීනෙන් වගේ ඇහුන ඒ වචන කාගේද කියලා මන් මතක් කලත් එකපාරටම මතක් වුනේ නෑ. අයෙත් ඒ කටහඩ මට ඇහෙන්න ගත්තා.

එහෙම එක එක්කෙනාට ඔයාලගේ ජිවිත නටවන්න දෙන්න එපා පුතාලා . අරමුණ කියල ලස්සන වචනයක් තියෙනවා . ඒක ඔයාලගේ වෙන කාගේවත් නෙමෙයි . මන් ආසයි අසේල  සර් එදා කිව්වා වගේ මන් මගේ අරමුණට ආවා කියල ඔයාල ඇවිත් කියනවා නම්.

"one messege recieved" මගේ ෆෝන් එක මාව අහරවන්නේ එහෙම . එක මට පුරුදු කලේ පුබුදු. මෙච්චර වෙලා මතක් කරපු කටහඩ අසේල සර් ගේ නේද කියල මතක් වෙද්දී එත් එක්කම මතක් වුනේ අද සර් ගේ උපන්දිනේ නේද කියලා. මන් එවෙලේම කෝල් එකක් ගත්තේ පුබුදුට.

"සිතින් විතරක් පෙම් කරන්නම් -දුරින් ඉද ඔබ දෙස බලන්නම් " මම ආසම කරන සින්දුවක් පුබුදුගේ කෝලර් ටියුන් එක වෙලා දැන් අවුරුද්දකට වැඩි . එත් කාට ඇහෙන්නද කියලා ඇහුවොත් පුබුදුගේ එකම උත්තරේ උනේ ලස්සන හිනාවක්. මන් මගේ ජිවිතේ දැක්ක ලස්සනම හිනාව තිබ්බේ පුබුදුට. හැමෝටම මාවයි පුබුදුවයි පෙනුනේ ලෝකේ ඉන්න හොදම යාලුවෝ දෙන්නා විදිහට . පුබුදුටත් එහෙම තමයි එත් මට.....

"මොකෝ මේ කුකුළා අතේ අරන් . නින්ද යන්නේ නැත්තන් අර බලු තඩියෙක් ඉන්නවා නේද නවන්නකෝ සුදෝ" අච්චර ආදරෙන් මතක් කරත් ඒ ඔක්කොම හේදිලා ගියා මේ මැට්ටා කියපු කතාවට .

"පිස්සුද පුබුදු කෑගහන්න . ඔයාව ඇහැරවන්න ආසාවට ගත්ත කෝල් එකක් නෙමෙයි අද අසේල සර් ගේ බර්ත්ඩේ එක යන්නේ නැද්ද."

මමත් ඒ වගේම කෑගැහුවා. මේ මනුස්සයාව ජීවිතේට හදන්න බෑ.

"සොරි සුදු මන් හිතුවේ මාව ඇහැරවන්න වද දෙනවා කියලා. පෙබරවාරි 13 කොහොම අමතක කරන්නද?. මන් ටුක් ගාල ඇදගෙන එන්නම් ඔයාලගේ ගෙදරට."

" අම්මේ ... පුබුදුටත් එක්ක තේ එකක් හදන්නකෝ." එහෙම කියපු මන් මගේ ඇදේ මුල්ලක උන්න ටෙඩියාව ඇදලා ගත්තේ එයාගේ ගැලවුන කැප් එකත් අතට ගන්න ගමන්. මේ ටෙඩියාව අම්මලා පොඩි කාලේ දුන්නාට මේ කැප් එක පුබුදුගේ. එක එයාවත් දන්නේ නෑ. ඉස්කෝලේ ස්පොට් මිට් එක දවසේ පුබුදුගේ ඔලුවෙන් වැටුන කැප් එක මන් අහුලා ගත්තේ පුබුදුට දෙන්න කියලා. එත් දෙන්න අමතක උනා. එත් දැන් හිතද්දී හිතෙනවා මන් හිතලාම එක තියාගත්තද කියලා.

Saturday, June 13, 2015

ආරම්භය මෙසේ සටහන් කරමි





නැවතත් කියමි
පෙම් කලෙමි
වස්සන සිහිනයෙහි කසුන් හට
එහෙත්
මම 
චාපවක නොවෙමි
යලිත් වරක් මැරී උපදින්නට

-ගයනි ඩි ඉඹුලාන.