Thursday, October 1, 2015

1කොටස

ජීවිතේ අපස්සට් යන්න තියෙනවා නම් කොච්චර හොදද කියලහිතෙන ගොඩක් වෙලාවල් දවස් අපි අපේ ජිවිත වල කොච්චර ගෙවිල ඇත්ද. ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. වෙලාවකට දරන්න බැරි තරම් සතුටක් තවත් වෙලාවකට දරන්න බැරි දුකක්  වගේම තවත් වෙලාවකට මෙහෙමයි කියන්න බැරි හැගීම් එක්ක ගැට ගැහුනා නුල් වල ගැට ගැහුණ රුකඩ වගේ තමයි මිනිස්සු,කවුරුහරි පාලනය කරන ඒ විදිහට තමන්ගේ ජීවිතය නටවන්න දීල ඉන්න පුරුදු වෙලා.

හීනෙන් වගේ ඇහුන ඒ වචන කාගේද කියලා මන් මතක් කලත් එකපාරටම මතක් වුනේ නෑ. අයෙත් ඒ කටහඩ මට ඇහෙන්න ගත්තා.

එහෙම එක එක්කෙනාට ඔයාලගේ ජිවිත නටවන්න දෙන්න එපා පුතාලා . අරමුණ කියල ලස්සන වචනයක් තියෙනවා . ඒක ඔයාලගේ වෙන කාගේවත් නෙමෙයි . මන් ආසයි අසේල  සර් එදා කිව්වා වගේ මන් මගේ අරමුණට ආවා කියල ඔයාල ඇවිත් කියනවා නම්.

"one messege recieved" මගේ ෆෝන් එක මාව අහරවන්නේ එහෙම . එක මට පුරුදු කලේ පුබුදු. මෙච්චර වෙලා මතක් කරපු කටහඩ අසේල සර් ගේ නේද කියල මතක් වෙද්දී එත් එක්කම මතක් වුනේ අද සර් ගේ උපන්දිනේ නේද කියලා. මන් එවෙලේම කෝල් එකක් ගත්තේ පුබුදුට.

"සිතින් විතරක් පෙම් කරන්නම් -දුරින් ඉද ඔබ දෙස බලන්නම් " මම ආසම කරන සින්දුවක් පුබුදුගේ කෝලර් ටියුන් එක වෙලා දැන් අවුරුද්දකට වැඩි . එත් කාට ඇහෙන්නද කියලා ඇහුවොත් පුබුදුගේ එකම උත්තරේ උනේ ලස්සන හිනාවක්. මන් මගේ ජිවිතේ දැක්ක ලස්සනම හිනාව තිබ්බේ පුබුදුට. හැමෝටම මාවයි පුබුදුවයි පෙනුනේ ලෝකේ ඉන්න හොදම යාලුවෝ දෙන්නා විදිහට . පුබුදුටත් එහෙම තමයි එත් මට.....

"මොකෝ මේ කුකුළා අතේ අරන් . නින්ද යන්නේ නැත්තන් අර බලු තඩියෙක් ඉන්නවා නේද නවන්නකෝ සුදෝ" අච්චර ආදරෙන් මතක් කරත් ඒ ඔක්කොම හේදිලා ගියා මේ මැට්ටා කියපු කතාවට .

"පිස්සුද පුබුදු කෑගහන්න . ඔයාව ඇහැරවන්න ආසාවට ගත්ත කෝල් එකක් නෙමෙයි අද අසේල සර් ගේ බර්ත්ඩේ එක යන්නේ නැද්ද."

මමත් ඒ වගේම කෑගැහුවා. මේ මනුස්සයාව ජීවිතේට හදන්න බෑ.

"සොරි සුදු මන් හිතුවේ මාව ඇහැරවන්න වද දෙනවා කියලා. පෙබරවාරි 13 කොහොම අමතක කරන්නද?. මන් ටුක් ගාල ඇදගෙන එන්නම් ඔයාලගේ ගෙදරට."

" අම්මේ ... පුබුදුටත් එක්ක තේ එකක් හදන්නකෝ." එහෙම කියපු මන් මගේ ඇදේ මුල්ලක උන්න ටෙඩියාව ඇදලා ගත්තේ එයාගේ ගැලවුන කැප් එකත් අතට ගන්න ගමන්. මේ ටෙඩියාව අම්මලා පොඩි කාලේ දුන්නාට මේ කැප් එක පුබුදුගේ. එක එයාවත් දන්නේ නෑ. ඉස්කෝලේ ස්පොට් මිට් එක දවසේ පුබුදුගේ ඔලුවෙන් වැටුන කැප් එක මන් අහුලා ගත්තේ පුබුදුට දෙන්න කියලා. එත් දෙන්න අමතක උනා. එත් දැන් හිතද්දී හිතෙනවා මන් හිතලාම එක තියාගත්තද කියලා.

No comments:

Post a Comment